පාරිභෝගික අධිකාරිය විසින් පසුගිය මාස 6 තුළ හදිසි වැටලීම් 10,146 ක් සිදුකර දඩ මුදල් ලෙස රු.මිලියන 45.7 ක මුදලක් අයකරගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, 2016 ජනවාරි මස වැටලීම් 1,636ක් , පෙබරවාරි 1,861ක් , මාර්තු 1,874ක්, අප්‍රේල් 1,630ක්, මැයි 1,468ක් හා ජුනි 1,677ක් ලෙස මෙම වැටලීම් සිදුකර ඇති අතර, ජනවාරි මාසයේ පමණක් සිදුකළ වැටලීම්වලින් දඩමුදල් ලෙස රු.මිලියන 10ක් අයකර ගැනීමට පාරිභෝගික අධිකාරිය සමත් වී තිබේ. මේ අතරින් වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදුකර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන අතර එම ප්‍රමාණය 846 කි. මහනුවර වැටලීම් 798ක්ද, කොළඹ 618ක්ද, පුත්තලම 583ක්ද, කෑගල්ල 507ක්ද ලෙස මෙම වැටලීම් සිදුකර ඇත.