පසුගිය පාර්ලිමේන්තුව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ මහජන නියෝජිතයන් 25 දෙනෙකු සිටි බවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හෙළි කර තිබෙන බැවින් එම පුද්ගලයන් කවුද යන්න රටට හෙළි කිරීම රජයේ සහ ආරක්ෂක අංශවල වගකීම බව නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී.පෙරේරා මහතා සඳහන් කරයි.
එළඹෙන මැතිවරණයට නාමයෝජනා ලබාදීමේදීද මෙම පුද්ගලයන් ගැන සොයා බලා ඔවුන්ට නාමයෝජනා ලබානොදීමට කටයුතු කළයුතු බවත්, මත්ද්‍රව්‍යවලට, වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට නාමයෝජනා ලබානොදීම සියලුම පක්ෂවල වගකීම බවත් පවසා සිටියේය.
ජනතාවට ඕනෑ කෙනෙකු පත්කර ගැනීමට අපේක්ෂකයන් ඉදිරිපත් කරනවා යන මතයේ නොසිට ජනතාවගෙන් චෝදනා එල්ලවී තිබෙනා අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන ලෙසට ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින බවද අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.