ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්රජාතන්ත්රවාදී පක්ෂය තනිව තරග කිරීමට අදහස් කරගෙන සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් ගයාන් විතානගේ මහතා පැවසීය.
ඒ සඳහා පක්ෂය ශක්තිමත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරගෙන යන බවත්, උතුරු නැගෙනහිර පළාත්වල හැර අනෙකුත් සියලුම ආසන සඳහා සංවිධායකවරුන් පත්කළ බවත් විතානගේ මහතා ප්රකාශ කළේය.
ඉදිරි දිනවලදී උතුරු නැගෙනහිර පළාත්වල ආසන සඳහාද සංවිධායකවරු පත්කරන බව ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව පක්ෂයේ ක්රියාකාරීන් දැනුවත් කිරීම සඳහා පසුගිය මාස 1 ½ ඇතුළතදී නායක ෆීඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්රධානත්වයෙන් උතුරු නැගෙනහිර පළාත් හැර අනෙකුත් සියලුම ආසනවල රැස්වීම් මාලාවක් පැවැත්වූ බවද විතානගේ මහතා කීය.
මාර්තු මාසයේ අග ආරම්භ කළ එම රැස්වීම් මාලාව මේ මස 13 වැනිදා සාර්ථකව අවසන් කළ බවද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන පක්ෂයේ ජාතික සමුළුව සඳහාද සූදානම් වෙමින් සිටින බවයි.
එසේ හෙයින් තනි දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරි මහ මැතිවණයට ඉදිරිපත් වීමට පක්ෂය දැනට තීරණය කරගෙන සිටින බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.