පාර්ලිමේන්තු මැතිවරණය ඉක්මනින් නොපවත්වා වත්මන් ආණ්ඩුව තවත් වසර පහක කාලයක් ක්‍රියාත්මක විය යුතු බව වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
එම අමාත්‍යාංශය අද (11දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සියලු ජන කොටස් සහ පක්ෂ නායකයින් එකම වේදිකාවකට පැමිණ සිටින මෙම අවස්ථාව රට ගොඩනැඟීම සඳහා ඇති හොඳම අවස්ථාවද වන බවයි.
ඒ අනුව ජාතික ආණ්ඩු සංකල්පය සවිබල ගැන්විය යුතු බවත් අමාත්‍යවරයා පවසයි.
“මට හෙට තීරණයක් ගන්න දුන්නොත්, මම කියනවා මේ ආණ්ඩුව අවුරුදු 5ක් ගෙනියන්න ඕන. ඡන්ද තියන්න එපා අවුරුදු 5ක්. ආණ්ඩුව ගෙනියන්න. මොකද මෙය තමයි රට හදන්න පුළුවන් හොඳම අවස්ථාව. හොරකම් කරන්නේ නැති ජනාධිපතිවරයෙක් ඉන්නවා. හොරකම් කරන්නේ නැති අගමැතිවරයෙක් ඉන්නවා. දැන් මේ සියල්ලමත් එක්ක පසුගිය අවුරුදු 9දී ආපස්සට ගිය රට ඉදිරි අවුරුදු 5දී ඉදිරියට ගෙනියන්න පුළුවන් වේවි” යැයි ඔහු පැවසීය.