පළාත් සභා මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව තුනෙන් දෙකක බලය යොදාගත්තා නම් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට තුනෙන් දෙකක බලය යොදා ගත නොහැක්කේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුම හරහා ඔහු මෙම ප්‍රකාශය කර තිබේ. ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වසර හතරහමාරක් බලා නොසිටිය යුතු බවත් ජනතාවට තමන් සත්‍ය ලෙස නියෝජනය වන රජයක් ස්ථාපිත කර ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවත් ඔහු එමගින් වැඩිදුරටත් පවසා සිටියි.