ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම තාවකාලිව වසා දමා තිබේ.ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ සිට දියත උයන දක්වා මාර්ගයේ වාහන ගමනා ගමනයට මේ තුළින් බාධා ඇති වී තිබෙන අතර මේ වන විට රථවාහන තදබදයක්ද ඇතිව තිබේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.