හම්බන්තොට උද්ඝෝෂණකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් ලිපියක් ලබාදී තිබෙන්නේ පාර්ලිමේන්තු සන්ධාන ලේකම් බවට හෙළි වී තිබෙන බවත්, මේ නිසා තමාට සිදුකළ අපහාසයට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇප ලබාදීමට එරෙහි ලිපියක් නිකුත් කළ බවට මන්ත්‍රීවරුන්ගේ පාර්ශ්වයේ නීතිඥයා තමාට චෝදනා කළ බවද ඔහු පවසා සිටියේය.
එහෙත් එවැනි ලිපියක් තමා ලබාදී නොමැති බවත්, ලිපිය ලබාදී තිබෙන්නේ පාර්ලිමේන්තු සන්ධාන ලේකම් බවට මේවනවිට හෙළි වීතිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ නිසා නීතිඥයාට එරෙහිව අධිකරණ සේවා කොමිෂමටත් පැමිණිලි කරන බවත්, සිදුකළ අපහාසයට වෙනම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.