මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තු සේවකයන්ට හා පාර්ලිමේන්තු සැසිවාර ආවරණය කරන මාධ්‍යවේදීන්ට ලබාදෙන ආහාරවල මිල වැඩිකර තිබේ. ඒ අනුව මන්ත්‍රීවරයෙකුගේ කෑම වේලාවක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 150 රුපියල් 200 දක්වා වැඩිකර ඇත.
පාර්ලිමේන්තු සේවයකයන් සඳහා මාසකට සැපයෙන ආහාර සඳහා මසකට රුපියල් 120ක් අයකළ අතර එය රුපියල් 350ක් දක්වා වැඩි කර තිබේ. මාධ්‍යවේදීන් සඳහා කෑම වේලක් වෙනුවෙන් අය කළ මුදල රුපියල් 65 සිට 70 දක්වා වැඩිවී තිබේ.