පාර්ලිමේන්තු සභා ගර්භයේ නවීකරණ කටයුතු සිදුකිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මේස මතට ටෙලිප්‍රොම්ප්ටර් (ලිඛිත පිටපත බලාගෙන කියවීම්) යන්ත්‍ර සවි කරන්නැයි ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී. පෙරේරා මහතා ඊයේ (16දා) පාර්ලිමේන්තුවේදී මූලාසනයෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටයුතු පහසු කිරීම සඳහා මයික්‍රෆෝන ආදී ශබ්ද විකාශන යන්ත්‍ර නවීකරණය කළ බව කී ඇමතිවරයා එම නවිකරණයේදී ටෙලිප්‍රොම්ප්ටර් යන්ත්රද සවි කරන්නැයි මූලාසනයෙන් ඉල්ලා සිටියේය.
එවිට මන්ත්‍රීවරුන්ට පහසුවෙන් සිය කතාව කරගෙන යාමට හැකිවන බවද ඒ මහතා සඳහන් කළේය.අය වැය දෙවැනි වර කියවීමේ විවාදයේ තුන්වැනි දිනයේ විවාදය ඊයේ (16දා) පැවැති අතර, එහිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කතාව අවසානයේ නැගී සිටි නියෝජ්‍ය ඇමතිවරයා මෙම ඉල්ලීම කළේය.
මේ අවස්ථාවේදී නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මූලාසනයේ සිටියේය.