පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී සම්ප්රදායක් තිබිය යුතුයි
පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී සම්ප්රදායක්, ක්‍රමවේදයක් තිබිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.
මුදල් ගෙවීමකින් තොරව ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා භාවිතා කිරීමක් කර නොමැති බව රජයේ මැති ඇමතිවරු ඊයේ(07දා) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇති අතර එහදී අග්‍රාමාත්‍යවරයා මේබව පවසා ඇත.
රජයේ අමාත්‍යවරු කීපදෙනෙකු මුදල් නොගෙවා ගුවන් යානා භාවිතා කළ බවට පුවත් පළවී ඇති බවත්, එම පුවත් මඟින් රජය හා අමාත්‍යවරුන් පිළිබඳව වැරදි චිත්‍රයක් පිළිබිඹු වන බවත්, එය නිවැරදි විය යුතු බවත් ඔවුන් පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාට පවසා ඇත.
තමන් කිසිවිටෙකත් පුද්ගලික සංචාර සඳහා ගුවන් යානා භාවිතා කර නොමැති බවත්, රාජකාරී මට්ටමින් හෝ ගුවන් යානා අයදුම් කර නොමැති බවත්, මෙහිදී අමාත්‍යවරු අවධරණය කර තිබේ.
ජනාධිපතිවරයා හෝ අගමතිවරයා සහභාගී වූ රාජ්‍ය උත්සවවලට එම දෙපළ සමඟ සහභාගී වූ ඇමැතිවරුන්ගේ නම් මෙසේ වැරදි ආකාරයට වාර්තා කර ඇති බවද අමාත්‍යවරු ප්‍රකාශ කර ඇත.
පුවත්පත්වල අසත්‍ය වාර්තාකරණයක් කර ඇති බවද අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.
මේසම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය. " රජයේ මැති ඇමැතිවරු ගියේ නැත, කිව්වොත් ඒකත් ප්‍රශ්නයක්. ඔවුන් ගිහින් ඉදිරිපත් නොකළොත් ඇයි නොකළේ කියා විමසනවා. මෙතැනතිබෙන ප්රශ්නය , එකම වාර්තාව පලවුණේ කොහොමද කියන එකයි. මාධ්‍යයට යම් වගකීමක් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී සම්ප්රදායක්, එක් ක්‍රමවේදයක් තිබිය යුතුයි.
අනුර කුමාර දිසානායක මහතා- මෙතැන මාධ්‍ය කුමන්ත්‍රණයක් සිදු කර නෑ.
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා- ඇමැතිවරයකු ලෙස හෝ පුද්ගලිකව කිසිදු ගුවන් ගමනක් අපි ගිහින් නෑ. එහෙම ගියා කියලා, අපට මුදල්ගෙවන්න කියලා බිල් පත්‍රයක් ඉදිරිපත් වෙලත් නෑ. ගුවන් ගමනක් යන්න ඕන කියලා, ඉල්ලීමක් කර නෑ.
සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා- හැමපුවත් පතකම පුවත පළ වී තිබුණා. මේ පිළිබඳව සොයා බලන්න.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා- මේ පුවතින් රටට වැරදි චිත්‍රයක් ගිහින් ඉවරයි. මේ පිළිබඳව සාධරණයක් ඉටු කරන්න.
කථානායක කරූ ජයසූරිය මහතා - මේ පිළිබඳව සොයාබලා අවශ්‍ය පියවර ගන්නම්."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

