සිංගරාසා නඩු තීන්දුව අවලංගු නිරීමට කථානායකවරයා පියවර ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.. ඒ පසුගියදා අග්‍රාමාත්‍යවරයා සිදුකළ ඉල්ලීමක් හේතුවෙනි. එමෙන්ම කථානායකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අවලංගු කිරීමට බලයක් නොමැති බව ප්‍රකාශ කරන ලෙසද මෙමගින් ඉල්ලා ඇති අතර නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ගොනුකර තිබේ.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති ,අගමැති ,කථානායකවරයා නම් කරනු ලැබ සිටිති.