අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් පොතක් සම්බන්ධයෙන් ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තැබීමට සිදුවු අතර ඉන් අනතුරුව යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරිණි. එහිදී කතානායක කරූ ජයසූරිය මහතා විසින් අදාළ පැහැදිළි කිරීම කරන ලෙස සභානයකවරයාට දැන්වු අතර ඔහු මෙසේ පැවසීය. එක අයවැය කතාවයි කරන්නේ.කරුණු සියල්ල අයවැය කතවට ඇතුළත් කර තිබෙනවා.අපි විවාද කරන්නේ අයවැය කතවයි.ඉංග්‍රීසි,දෙමළ මුද්‍රණයේ වගන්ති පහක් ඇතුළත් කර තිබුණත් සිංහල මුද්‍රණයේ වගන්ති පහක් ඇතුළත් වී තිබුණේ නෑ. අද එය නිවැරදි කර ඉදිරිපත් කර තිබෙනවා යනුවෙනි. මෙහිදී කරුණු පැහැදිළි කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරන ලද්දේ පොතේ අලුත් කරුණු අඩංගු නෑ.සිංහල මුද්‍රණයට පමණයි මෙය සිදු කළේ.පිටු තුනක් හැලී තිබුණා.අංග සම්පූර්ණ පොතක් දීම සඳහා පොත ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බවත්ය.