මාර්ග වෙන්කිරීමට මුදල් යොදවන්නේ ජනතාවගේ බදු මුදල්ය. ණයට ලබාගෙන මාර්ග ඉදිකළත් එහි ණය වාරික හා පොලිය අවසන් වශයෙන් ගෙවන්නේ ජනතාවයි. එනම් ජනතාවගේ බදු මුදල් වලිනි. දේශපාලකයෝ මාර්ග තනති. විවිධ ව්‍යාපෘති කරති. ඒ සඳහා නම්ද යොදති. නමුත් එම ව්‍යාපෘතියේ අවසන් බර උසුන්නේ ජනතාව බවනම් නොකියති.
නමුත් මේ වෙනස් කතාවකි. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි තමන්ට ලැබෙන විමධ්‍යගත අරමුදලින් සකස්කරන ව්‍යාපෘතිවල ඒ සඳහා ගිය වියදම පෙන්වා දෙන අතරම ඒ ජනතාවගේ බදු මුදල් බවද සඳහන් කිරීමට කටයුතු කරයි.