කිසිදු රථ වාහනයක් නොමැති නාවුල ශ්‍රී නාග ජාතික පාසලේ සේවය සඳහා වසර එකහමාරකට පෙර සිට රියදුරු පත්වීමක් ලබාදී නොමිලේ වැටුප් ලබා දුන් රියැදුරාට ඊයේ (11දා) සිට අධ්‍යාපන අමාත්‍යාංශයට ස්ථාන මාරුවක් ලබාදී තිබේ. මාධ්‍ය මගින් මේ පිළිබඳව අනාවරණය කිරීමත් සමග ඉතා හසිදියේම මෙම ස්ථාන මාරුව ලබාදී තිබේ.
අදාළ රියදුරු විසින් ස්ථාන මාරුව ලබාගත්තේද යන්න පිළිබඳව විදුහල්පති ටියුඩර් පෙරේරා මහතාගෙන් කළ ඔහු පවසා සිටියේ ස්ථාන මාරුවීම් ලිපිය භාරදීම සඳහා සූදානම් වුවත් රියදුරු මහතා ප්‍රවෘත්තිය පළවූ දිනයේ සිට සේවයට වාර්තා නොකර අසනීප නිවාඩු වාර්තා කර තිබෙන බවයි.
නාවුල ශ්‍රී නාග පාසලට අඩුම තරමේ පාපැදියක් හෝ නොමැතිව තිබියදී මෙසේ සේවකයන්ට නව පත්වීම් ලබාදී ඇති බවත් අදාළ පුද්ගලයාට වසර එකහමාරක කාලයක් රියදුරෙකු ලෙස වැටුප් ගෙවා ඇති බවද එම විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියෝ පවසති.
මේ වනවිට මෙම විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 15 දෙනෙක් පමණ සිටින බවද ඔවුහු වැඩිදුරටත් පවසා සිටිති. කිසිදු රථ වාහනයක් නොමැති පාසල්වලට රියදුරු රැකියා ලබා දෙන නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක නොවන්නේද යන්න දෙමාපියෝ ප්‍රශ්න කරති.