පාපැදිය නවීන ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ඉදිරියට ගත යුතු බවත්, ඒ හරහා පවුලේ මෙන්මට රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
කෙටිදුර ගමන් සදහා බලශක්ති කාර්යක්ෂම ප්‍රවාහන මාධ්‍යක් ලෙසත් නවීන ප්‍රවාහන මාධ්‍යයක් ලෙසත් පාපැදිය ප්‍රචලිත කොට ඉන්ධන භාවිතය අවම කිරීමේ අරමුණින් අද පැවැති ප්‍රදර්ශනාත්මක පාපැදි තරග ඉසව්වක් සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“කලක් දුප්පතාගේ වාහනය ලෙස පැවැති බයිසිකලය, බයිසිකල් පැදීම දුප්පත්කමේ අංගෝපාංග ලෙස පෙනී තිබූ යුගය අවසන් කරලා බයිසිකලය නවීන ප්‍රවාහන මාධ්‍යයක් ලෙස අප ඉදිරියට ගත යුතු වෙනවා”