පාපැදි අනතුරක් නිසා ජෝන් කෙරීගේ පාදයක් බිඳිලා
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයේ පාපැදි පැදීමට ගොස් සිදුවූ අනතුරකින් පාදයක් බිඳීමකට ලක්ව ඇති බව බී.බී.සී.ය කියයි.
71 වැනි වියෙහි පසුවන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ස්විට්සර්ලන්තයේ, ජිනීවා හි රෝහලකට ඇතුළත් කර ඇති අතර, හදිසි ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද කියැවෙයි. කෙසේ වෙතත්, අනතර හේතුවෙන් ඔහු සිහිමුර්ජාවකට ලක්ව නොමැති බවද රාජ්‍ය දෙපාතර්තමේන්තුව කියයි.
ඉරාකයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ වෙනුවෙන් සාකච්ඡා කිරීමට ස්විට්සර්ලන්තයට ගොස් සිටින රාජ්‍ය ලේකම්වරයා මැඩ්රිඩ් හා පැරිස් බලා යාමට කලින් සැලසුම් කර තිබුණත්, ප්‍රතිකාර සඳහා නැවත ඇමෙරිකාව බලා පැමිණෙන බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ස්විට්සර්ලන්ත දේශසීමාව ආසන්න ප්‍රංශ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයකදී මෙම අනතුර සිදුව ඇති අතර, ඔහු මාර්ගයේ ගැටි බැම්මක වැදීමෙන් අනතුර සිදුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                