පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ ශුද්ධ වූ භාවයට අගතියක් කරන්න එපා
ශ්‍රී ලංකා කතෝලික සභාවේ මන්නාරම රදගුරු හිමිපාණන් විසින් පාප් වහන්සේ වෙත යුද හමුදාවට එරෙහිව ලියවිල්ලක් ලබාදෙන ලද බවට මියගිය හා අතුරුදන් වූවන්ගේ මාපිය එකමුතුව කළ චෝදනාව අසත්‍ය හා පදනම් විරහිත එකක් යැයි ශ්‍රී ලංකා කතෝලික සභාව පවසයි.
ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පසු සහ ශ්‍රී ලංකාවේ සංචාරයේ නිතර වන අවස්ථාවේදීත් මියගිය හා අතුරුදන් වූවන්ගේ මාපිය එකමුතුව කළ චෝදනාවට අදාළ කිසිවක් පාප් වහන්සේ ප්‍රකාශ නොකළ බවත්, දිගින් දිගටම උන්වහන්සේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රසංශනීය අදහස් බවත් ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්යක්ෂ ගරු බෙනඩික් ජෝශප් පියතුමා 'අද' ට පැවසීය.
මේ හේතුවෙන් අසත්‍ය ප්‍රකාශ පතුරුවමින් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ ශුද්ධ වූ භාවයට අගතියක් නොකරන ලෙසත්, එමගින් පොදු මහජනතාව අතර වැරදි ආකල්ප ඇති නොකරන ලෙසත් බෙනඩික් ජෝශප් ප්‍රනාන්දු පියතුමා ඉල්ලා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
