ශ්රී ලංකාවේ සංචාරයකට තමන් සූදානම් බව ෆ්රැන්සිස් පාප් වහනසේ, මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් වෙත පවසා තිබේ.
මැල්කම් රංජිත් අගරදගුරුතුමන් හා ඉතාලියේ ජීවත්වන ශ්රී ලාංකිකයන් පිරිසක් පාප්වහන්සේ රෝමයේදී හමුවූ අවස්තාවේදී ශ්රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසට මැල්කම් රංජිත් අගරදගුරුතුමන් කළ ඉල්ලීමට පිළිතුරු ලබාදෙමින් පාප්තුමා ඉහත තහවුරුව ලබාදී ඇති බව වතිකන් රේඩියෝව පවසයි.