ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (13දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වූහ.
පාප් වහන්සේ සහ ජනාධිපතිවරයාගේ මූලික සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සාකච්ඡාවට එක්විය.
මෙහිදී පාප් වහන්සේ ජනාධිපතිවරයාට 1562 වසරේදී බර්තොලවේ ඔලිවා විසින් සම්පාදනය කළ නාවුක සිතියම් 14 ක එකතුවක් ත්‍යාග කළ අතර, එහි ශ්‍රී ලංකාවේ සිතියමක්ද ඇතුළත්ය.
ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී ලාංකික කැටයම් සහිත රන් කෙන්ඩියක් පාප් වහන්සේට ප්රදානය කළේය.
අනතුරුව සූදතුම් ලංකා ගමන වෙනුවෙන් නිකුත් කළ මුල් දින කවරය සහ මුද්දරයක්ද ජනාධිපතිවරයා විසින් උන්වහන්සේට ප්රදානය කළ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විශේෂ සමරු රිදී කාසිය අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා විසින් උන්වහන්සේ වෙත පිළිගන්වන ලදී.