ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතාට මරණ තර්ජන ඇති බවත්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා භාණ්ඩ තම වාහනයට, කාර්යාලයට හෝ නිවසට ඇතුළු කිරීමෙන් වරදකරුවෙකු බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව සඳහන් කරමින් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ මහතා තවදුරටත් සිය පැමිණිල්ලෙන් පවසන්නේ ඍජු හෝ වක්‍ර ලෙසකින් විෂ ශරීරගත කිරීමටත් සූදානමක් පවතින බවත් මේ පිළිබඳව තොරතුරු විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙන බව රොද්‍රිගු මහතා සිය පැමිණිල්ලෙන් පවසා තිබේ.