ශ්රී ලංකා පාපන්දු සංගමයේ ප්රධාන විධායක නිලධාරී අනුර සිල්වා මහතාට පාපන්දු සම්මේලනය ඉදිරිපිටදී නාඳුනන පිරිසක් විසින් ඊයේ (10දා) පහරදී තිබේ.
හොකී පිත්තකින් මෙම පහරදීම සිදුකර තිබෙන අතර ඔහුගේ හිසට හා අතට තුවාල සිදුව තිබේ.
මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්රතිකාර ලබමින් සටියි.