පානීය ජල බෝතල් සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබෙමින් පවතින බැවින් සැප්තැම්බර් පළමුවැනිදා සිට අලෙවි කරන සියලුම ජල බෝතල්වලට එස්.එල්.එස් (SLS) ලාංඡනය අනිවාර්ය බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
පානීය ජලය ඇසුම්කර තිබෙනා සමහර බෝතල්වල ප්රතිචක්රීයකරණය කළ අමුද්‍රව්‍ය අනුමත ප්‍රමාණය ඉක්මවා යොදා ගැනීමත්, නිසි සැලකිල්ලකින් තොරව බෝතල් නිෂ්පාදනය කර තිබීමත් නිසා මෙම ගැටලුව ඇතිවී තිබෙන බව එම අධිකාරිය සඳහන් කරයි.
මේ නිසා ජල බෝතල්වල එස්.එල්.එස් ලාංඡනය නොමැති නම් එම බෝතල් ජලය ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම හා විකිණීම සපුරා තහනම් බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කරයි.
ජලය අසුරන බෝතල්වලට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය ලබාගත යුතු බවට 2015 ජුනි මස 11 වැනි දින අංක 1918/18 නමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවත්, මේ නිසා බෝතල් නිෂ්පාදකයන්ට එස්.එල්.එස් ලාංඡනය ලබාගැනීමට සැලකිය යුතු කාලයක් ලබාදී තිබෙන බවද එම අධිකාරිය සඳහන් කරයි.
මෙම නියෝගවලට අනුව බෝතල් නිෂ්පාදනය කරනවාද යන්න සහ එස්.එල්.එස් ලාංඡනය සහිත බෝතල්වල ජලය අසුරා තිබේද යන්න සොයා බැලීමට සැප්තැම්බර් පළමුවැනි දින සිට විශේෂ කණ්ඩායම් යොදවා වැටලීම් කරන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.