ශ්‍රී ලංකාවේ පානීය ජල සම්පාදනයට සහ සනීපාරක්ෂාවට ලෝක බැංකුවෙන් ඇ.ඩො.මිලියන 165ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබේ.
ඇ.ඩො. මිලියන 165 ක ලෝක බැංකු මූල්‍ය ප්‍රතිපාදන යටතේ මුලතිව්, කිලිනොච්චි, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 7 තුළ ග්‍රාම නිලධාරී වසම් 540 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජිත ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, රජයේ ඉලක්ක සපුරාගැනීමට විශාල දායකත්වයක් සපයනු ඇති බවද අමාත්‍යාංශය පවසයි.