අද මධ්‍යම රාත්‍රිෙය් සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල රුපියල් 4කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ප්‍රීමා සමාගම තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් බේකරි හිමියන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මීට සමගාමීව අනෙකුත් බේකරි නිශ්පාදන මිලද ඉහළ යන බවත් ඒවා පාරිභෝගිකයන්ට ගැටලුවක් ඇති නොවන ආකාරයට ඉහළ දැමීමට බේකරි නිශ්පාදකයන්ට දැනුම් දී ඇති බවත් එම සංගමය පැවැසුවා.