කොළඹ ලිප්ටන් වටරවුමෙන් ඊයේ (01දා) නිමාවූ පාද යාත්රාවේදී කුඩා දරුවෙකු යොදවා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට අපහාසාත්මක වන ආකාරයට හැසිරවීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ළමා ආරක්ෂක අධිකාරිය අද (02දා) සවස පැමිණිලි කරන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම සඳහන් කරයි.
දරුවන් භාවිත කරමින් තවත් කෙනෙකුට අපහාස කිරීම බරපතළ ළමා අපයෝජනයක් බැවින් මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙසට මෙම පැමිණිල්ල මගින් ඉල්ලා සිටින බවද එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා සඳහන් කළේය.
දරුවා අදාළ ප්රකාශ සිදුකරන විට පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුත් ඒ අසල සිටින බවද හෙතෙම පවසා සිටියේය.