ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන පාද යාත්රාව අද (29දා) දෙවැනි දිනයට නොළුම් දෙණියෙන් නිමාකරන ලදී. නැවතත් හෙට දිනයේදි නෙළුම්දෙණියේ සිට පාද යාත්රාව ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්රාව ගම්පහදි ගමන්ගන්නා විට පාරේ වම්පසින් ගමන් කළ යුතු බව ගම්පහ මහේස්ත්රාත් කේ. නානායක්කාර මෙනෙවිය අද (29දා) ප්රකාශ කළාය.
පාද යාත්රාව,එජාපයේ සාමාජික ප්රවර්ධන වැඩසටහන, ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසංවිධාන කටයුතු හා රතුපස්වල ගැටුමට තෙවසරක් පිරීම සැමරීම ආදි වැඩසටහන් ක්රියාත්මක හෙයින් නීතිය කඩවීමට ඉඩ ඇතැයි යනුවෙන් කළ කරුණු දැක්වීමක් අනුව මහේස්ත්රාත්වරිය ඉහත නියෝගය නිකුත් කළාය.
කලගෙඩිහේනේ සිට කිරිල්ලවල දක්වා පාගමන පාරේ වම් පසින් ගමන් කළ යුතු අතර සෙසු පක්ෂයන්හි සංවිධාන කටයුතු පාද යාත්රාවට පැයකට පමණ පෙර අවසන් කළ යුතු බවටත් නියෝග කළාය.