(Video)මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නැවත දේශපාලනයටපැමිණීම පිළිබඳව ගාමිණී වියන්ගොඩ මහතා අද (02දා) අපූරු අදහසක් දැක්වීය.ඒ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.ඔහු පැවසුවේ ඊයේ (01දා) මැදමුලනේදී මහින්ද රාජපක්ෂ මහතා පාත්ත බයිලාවක් කියූ බවයි. එමෙන්ම හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ගැනද ඔහු කියන්නට අමතක කළේ නැත. ගාමිණී වියන්ගොඩ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය . ‘2004 සුනාමි ව්‍යසනය අවස්ථාවේ ලැබුණු ආධාර තමන්ගේ පෞද්ගලික ගිණුමකට බැර කරගත් බවට චෝදනා ලැබ සිටි මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා ලෙස තීන්දුවක් දී , ඔහුට එරෙහිව පැමිණිලි කළ පුද්ගලයාට දඩ ගැසූ සරත් නන්ද සිල්වා ළඟ තියාගෙන, හිටපු ජනපති කියනවා අපි නීතියේ ආධිපත්‍යය රැක්කා කියා. ඔය සරත් නන්ද සිල්වාම තමයි ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණයට පෙර රාජපක්ෂ විරෝධී වේදිකාවට නැඟලා කිව්වෙ මහින්ද අත්අඩංගුවට නොගන්නා ලෙසට එදා තමන් දුන් තීන්දුව ගැන කනගාටු වන බව හා ජාතියෙන් සමාව ගන්නා බව. මහින්ද වටා එකතු වෙලා ඉන්නෙ එකම ජාතියේ පිරිසක්. මහින්දගේ මැදමුලන කතාව ඇහුවාම මට මතක් වුණේ ග්‍රීක දේව කතාවල එන හංස ගීතය.හංසයා මැරෙන්න ළංවුණාමයි හංස ගීතය කියන්නේ. මං මේ හංස ගීතයක්ද කියා ළංවෙලා බැලුවාම හංසයෙක් නෙමේ මැදමුලනෙදි මේක කිව්වේ පාත්තයෙක්. ඒ පාත්තයා දිහා හොදට බලං ඉද්දි තේරුණා මෙය ගීතයක් නොවෙයි , අඳෝනාවක් බව.ඒවගේම ඒක ගීතයක් නොවෙයි බයිලාවක්” යැයිද ඔහු කීය .
VIDEO