මීළඟ සාක් සමුළුවට සත්කාරකත්වය දැරීමට පාකිස්තානය ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා ශ්රී ලංකාවේද සහාය ලබාදෙන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසා ඇත.
ශ්රී ලංකාවේ සංචාරයක නිරත පාකිස්තාන විදේශ ලේකම් තෙමීනා ජන්ජුයා මහත්මිය හා ජනපතිවරයා අතර පැවැති හමුවේදි ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව පවසා ඇත.
පසුගිය වසරේදී සාක් සමුළුව පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් ඉන්දියාව ඒ සඳහා එක්වීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් සමුළුව නොපැවැත්වුණි.