ඉන්දියාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය හා තමිල්නාඩු පොලීසිය එක්ව කරන ලද ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ ශ්‍රී ලංකා මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලබයි.
සහීර් හුසේන් නැමැති මෙම ත්‍රස්තවාදී සැකකරු නුවර ප්‍රදේශයේ සිට ඉන්දියාවට ගොස් තිබෙන අතර සැකකරු අත්අඩංගුවට ගැනීම හරහා ත්‍රස්තවාදී ජාලයක ක්‍රියාකාරිත්වයක් අඩපණ කිරීමට හැකිවී තිබෙන බවත් තමිල්නාඩු පොලීසිය සඳහන් කරයි.
සැකකරු පාකිස්තානයේ සිට ක්‍රියාත්මක අයි. එස්. අයි. (ISI) නැමැති ත්‍රස්තවාදී සංවිධානයත් සමග සබඳතා පවත්වා ඇති බවත් ඔහු මේ වන විට චෙන්නායි මහේස්ත්‍රාත් අධිකරණයේ රඳවා සිටින බවත් එම මාධ්‍ය වාර්තා තහවුරු කරයි.