පාකිස්තාන හමුදාපති ජනරාල් රාහීල් ෂරීෆ් මහතා දින පහක සංචාරයක් සඳහා එළැඹෙන 5දා දිවයිනට පැමිණීමට නියමිතය.
ඔහු 9 දා තෙක් දිවයිනේ රැදී සිටිනු ඇත. ජනරාල්වරයා මීට ඉහතදී ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබූ අතර පාකිස්තානයේ කරච්චි නුවර බස් රථයකට එල්ල වූ ත්රස්තප්රහාරයෙන් පසුව ඔහු සිය ශ්රී ලංකා සංචාරය පසුගිය 13දා අවලංගු කළේය.