(UPDATE) ත්රස්තවාදීන්ට ක්‍රීඩාව පාලනය කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කළ යුතු බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසූ බව ජනපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
------------------------------------------------------------------------------------------------------------------
චීනයේ පැවැත්වෙන ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා චීනයට ගොස් සිටින ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තාන ජනපති මම්නුන් හුසේන් මහතා සමග අද (20දා) ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.
මෙහිදී පාකිස්තානය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන තිරසාර සහය අඛණ්ඩවම ලබාදෙන බව පාකිස්තාන ජනපතිවරයා ශ්‍රී ලංකා ජනපතිවරයාට පවසා තිබේ.
වැඩිදුරටත් පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අනාගතයේදී සම්බන්ධ වන තරග පිළිබඳවත්, දෙරටේ වෙළෙඳ ගනුදෙනු පිළිබඳවත් නායකයන් දෙපළගේ අවධානය යොමුව තිබේ.