(UPDATE) පාකිස්තානයේ, ක්වෙට්ටා නගරයේ බලුකිස්තාන පොලිස් විද්‍යාලයට ඉස්ලාම් අන්තවාදී ත්රස්තයන් එල්ල කළ ප්‍රහාරයකින් එහි අධ්‍යාපනය ලබන කැඩෙට් නිලධාරීන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ගොඩනැගිල්ල වෙත සටන්කාමීන් ඇතුළුව විවෘත වෙඩි තැබීමක් සිදුකර තිබූ අතර, එම ඉස්ලාමීය ත්රස්තයන් පාලනය කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට පාකිස්තාන ආරක්ෂක අංශවලට සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.
මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලවලින් සැරසුණු ඉස්ලාම් ත්රස්තයන් තිදෙනෙකු මෙම ප්‍රහාරය සඳහා පැමිණ ඇති අතර, ඔවුන් සියලු දෙනාම පසුව ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ත්‍රස්ත ප්‍රහාරය මැඬපැවැත්වීම සඳහා පාකිස්තාන ආරක්ෂක අංශ පැමිණීමෙන් පසුව එහි ඉගෙනුම ලබමින් සිටි සියලුම කැඩෙට් නිලධාරීන් ආරක්ෂිතව ඉවත් කරගැනීමට කටයුතු කර තිබූ බවද විදසේ වාර්තා පෙන්වා දෙයි.
එම මෙහෙයුම සඳහා පාකිස්තාන හමුදාව මෙන්ම පරා හමුදා කණ්ඩායම්ද යොදවා තිබූ අතර, මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බව බලුකිස්තාන පළාත් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සර්ෆරාස් අහ්මෙඩ් බග්ටි මාධ්‍ය වෙත පවසා තිබේ.
මෙම ප්‍රහාරයේදී එම විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කැඩෙට් නිලධාරීන් වැඩිදෙනා මරාගෙන මැරෙන පිපිරීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පරා හමුදාවේ මේජර් ජෙනරාල් ෂෙර් අෆ්ගන් පවසයි.