හෙරොයින් ගුලි ලෙස සකස් කොට, ඒවා ගිල දමා පැමිණි පාකිස්තානු ජාතිකයෙකු ඊයේ (28දා) දහවල් කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
37 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙකු වන මොහු එරට ව්‍යාපාරික කටයුතුවල නියැළී සිටින්නෙකි. පාකිස්තානයෙන්, මෙරට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ලැබී තිබූ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම පාකිස්තානු ජාතිකයා වහාම මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබූ අතර, ඔහු ගිල දමා තිබූ හෙරොයින් ගුලි 21ක් එළියට ගැනීමට වෛද්‍යවරුන් අද (29දා) අලුයම කටයුතු කර තිබිණි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මීගමුව මහ රෝහලේ නේවාසිකව සිටින මෙම පාකිස්තානු ජාතිකයාට වෛද්‍යවරු තවදුරටත් විරේක බෙහෙත් ලබාදෙමින්, ඔහුගේ ආමාශයේ ඇති ඉතිරි හෙරොයින් ගුලිද එළියට ගැනීමට ප්රයත්න දරමින් සිටිති.