පාකිස්තාන ගුවන් හමුදා ප්රධානී මාර්ෂල් තහීර් රෆීක් බට් මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (27දා) දිවයිනට පැමිණීමට නියමිතය. ශ්රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කොලිත ගුණතිලක මහතාගේ ඇරයුමක් මත ඔහු මෙසේ ශ්රී ලංකාවට පැමිණෙයි.
පාකිස්තාන ගුවන් හමුදා ප්රධානී ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මෙරට ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තාවෙයි.