බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ, හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී අනුර විදානගමගේ හා තවත් පුද්ගලයෙකු 26 වැනිදාට අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහියංගණ මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය අද (07දා) පොලීසියට නියෝග කළාය.
මහියංගණයේ සිට බදුල්ල බලා ගමන්ගත් රථ පෙළපාළියක් ලොග්ගල්ඔය වැව ආසන්නයේදී නතර කිරීමට තමන් බදුල්ල ප්‍රදේශයේ සිය රාජකාරියේ යෙදී සිටියදී උත්සාහ දැරූ අවස්ථාවේ රථ පෙළපාළියේ ගමන්ගත් පුද්ගලයන් තමන්ට මරණීය තර්ජන කළ බවට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ නිරික්ෂණ මෙහෙයුම් පොලිස් මැදිරිය වෙත කුරුණෑගල ප්‍රදේශයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලන්ගම මහතා විසින් පැමිණිලි කර තිබේ. මෙම පැමිණිල්ල සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය නිකුත් කළාය.