එංගලන්තයේදී එල්.ටී.ටී.ඊ. හිතවාදීන් විසින් පැවැත්වූ විරෝධතාවයේදී ඔවුන්ට එරෙහිව කටයුතු කළ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල භූමිය තුළ සිට කටයුතු කර ඇතැයි අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ට යොමුකළ ලිපියක මේ බව දැක්වෙයි.
“බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතා සිටියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් භූමිය තුළයි. රාජත්‍රාන්තික වශයෙන් හෝ නීතියමය වශයෙන් ඔහුගේ ක්‍රියාව ප්රශ්ණගත කරන්න බෑ. ඔහු ශ්‍රී ලංකාව තුළයි සිටියේ.මෙය රාජත්‍රාන්තික වශයෙන් පිළිගත් රෙගුලාසියක් මෙන්ම සංස්කෘතියක් වෙනවා” යැයි අමාත්‍යවරයා සඳහන් කරයි.