ප්‍රාථමිකයක් වුවත් ලෝකය දිනයි
පාසල් දරුවන්ට කියවීම හුරු කරවීම සදහා පැවැත් වූ ශක්‍යතා සංවර්ධන වැඩ සටහනකින් මීරිගම කහදව ප්‍රාථමික විදුහලට ලෝකයේ රටවල් 17 ක් අතුරින් තුන්වැනි ස්ථානය හිමිවී තිබේ.
සේව් ද චිල්ඩ්රන් ආයතනය, සිද්ධාර්ථ ළමා පදනම සහ කලාප අධ්‍යාපන කාර්යලය එක්ව මෙම වැඩ සටහන සංවිධානය කරනු ලැබූ අතර මෙම වැඩ සටහන සදහා කහදව විදුහලේ තුන්වැනි වසරේ ශිෂ්‍යාවන් පුරුදු පුහුණු කරවනු ලැබුවේ ඩබ්ලියු. එස්. නවෝදනී ගුරුතුමිය විසිනි.
පාසල් දරුවන්ගේ කියවීම වේගවත් කිරීමට හුරු කරවීම සදහා විවිධ ආකාරයේ වැඩ සටහන් මෙම ගුරුතුමිය සකස් කරමින් දරුවන් ඒ සඳහා යොමු කර තිබේ. තරගයෙන් මිනුවන්ගෝඩ කලාපයේ පළමු නැත දිනා, ලංකාවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමෙන් පසුව ඇමෙරිකාවේ පැවැති අවසාන මහා තරගයට මෙම වැඩ සටහනේ දර්ශන ඉදිරිපත් කර ඇති අතර එහිදී ලෝක මට්ටමේ ජයග්‍රහණය හිමි වී ඇත.
ඩබ්ලියු. එස්. නවෝදනී ගුරුතුමිය
මීරිගම කාන්ති
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

