රථවාහන ආනයනය කිරීමේදී කිසිදු අවස්ථාවක රජයට පාඩු වන ආකාරයෙන් කටයුතු කර නොමැති බවත්, ආන්දෝලනයට තුඩු දුන් ප්‍රාඩෝ රථ ආනයනයේදී පවා එවැනි කිසිදු පාඩුවක් රජයට සිදුව නොමැති බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
ප්‍රාඩෝ රථ 180ක් රේගුවෙන් නිදහස් කර ගැනීමේදී රජයට රු.මිලියන 4,700ක පාඩුවක් සිදුව ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු දීම සඳහා ඊයේ (01දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.