සහනාධාර ක්‍රමයක් තුළින් රටේ ජනතාව පවතින රජයේ වහලුන් බවට පත්කර එමඟින් ඉතා පහසුවෙන් දේශපාලනය කළ හැකිව තිබූ බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අයවැය යෝජනා සහ යහපාලන රජයේ ප්‍රතිපත්ති තුළින් වත්මන් ආණ්ඩුව සිදුකරමින් සිටින්නේ රටේ ජනතාව ප්‍රාග්ධන ශක්තියෙන් යුත් ප්‍රජාවක් බවට පත් කිරීම බවත් අමාත්‍යවරයා පැවසූයේ හම්බන්තොට, බැරගම සියඹලාගස්විල ප්‍රදේශයේ ආදර්ශ ගම්මානයක් සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවකට එක්වෙමිනි.
සමෘද්ධි නිලධාරීන්ට පවා පසුගිය රජය සමයේ වහලුන් ලෙස සේවය කිරීමට සිදුවූ බව පෙන්වා දෙන එතුමා රටේ ජනතාව ප්‍රාග්ධන හිමිකරුවන් බවට පත්කිරීම වත්මන් රජයේ අවශ්‍යතාව බව ද වැඩිදුරටත් සඳහන් කළේය.