“ජනප්‍රිය පාසල් වලට පවතින තරගය අවම කර රට පුරා ජනප්‍රිය පාසල් ඇති කරවන අරමුණින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අවම වශයෙන් සියලුම පහසුකම් සහිත පාසල් දෙකක් වත් ආරම්භ කරනවා. පාසල්වල පවතින තදබදය අඩුකිරීමට අලුතින්ම පාසල් විසිපහක් ගොඩනගනවා* යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. පොල්පිතිගම කෘෂි ජාතික පාසලේ තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පැවරීමේ උත්සවයේදී ඒ මහතා එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“මින් ඉදිරියට ගුරුවරු විදුහල්පතිවරු දේශපාලන හිතවත්කම් මත බඳවා ගන්නේ නෑ. පසුගිය ආණ්ඩුව විදුහල්පති විභාගය සමත් වූ අය ගෙවල්වල සිටියදී විභාගය අසමත් අයට විදුහල්පති තනතුරු දුන්නා. විභාගයේ වැඩිම ලකුණු ලබාගත් අය මට මුණ ගැසුණා. ඒ අය අදටත් එළියේ.
දරුවන්ගේ අනාගතය තමයි අපට තියෙන ලොකුම අපේක්ෂාව. කොළඹ සමහර පාසල්වල පන්තියක ළමයි 50, 60 ඉන්නවා. එය අපි 35 තෙක් අඩු කළා. එවිට ගුරුවරයාට වෙන වෙනම ළමයි ගැන අවධානය යොමු කළ හැකි වෙනවා. මින් ඉදිරියේදී කිසිම පනන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන්න දෙන්නේ නැහැ”
අඹන්පොළ අවිශ්ක නිම්සර