පාර්ලිමේන්තු සභා ගර්භය මධ්‍යයේ මන්ත්‍රීවරුන් අතර සිදු වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට එරෙහිව උපරිම විනය ක්‍රියාමාර්ග ගත යුතු බව සිද්ධිය සම්බන්ධයෙන් කථානායකවරයාට ඉදිරිපත්ව ඇති කමිටු නිර්දේශ වාර්තාවේ ඇතුළත්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුවට හා මූලාසනයට අගෞරව වන පරිදි දෝෂාරෝපණය කිරීම හා අසැබි වචන භාවිත කළ මන්ත්‍රීවරුන් සම්බන්ධවද දැඩි විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට එම වාර්තාවෙන් පෙන්වා දී ඇතැයිද විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
ගැටුම සිදුවන අවස්ථාවේ පියල් නිශාන්ත, බන්දුල ගුණවර්ධන හා දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් මුලසුන වෙත ගොස් බැණ වැදීම කිසිසේත් මන්ත්‍රීවරුන්ට උචිත නොවන තත්ත්වයක් බවත්, මේ සම්බන්ධයෙන් වූ වගකීම් අදාළ පක්ෂ නායකයන් විසින් බාරගත යුතු බවත් එම නිර්දේශ කමිටු වාර්තාවේ සඳහන්ව ඇති බවත්, දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන්ට තදින් අවවාද කළ යුතු බවටඅවධාරණය කර ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.