බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට හෙට (09දා) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන්නැයි දන්වා තිබේ.
ප්‍රධාන අමාත්‍යවරයා සහ තවත් තිදෙනෙකු එක්ව පවත්වාගෙන යන පෞද්ගලික ව්‍යාපාරයක එක් කොටස්කරුවෙකු සිදුකළ පැමිණිල්ලක් මත මෙම කැඳවීම සිදුකර ඇත.
පසුගිය සතියේ බ්‍රහස්පතින්දා (02දා) ඒ මහතාගේ බිරිඳ වන මොරින් ස්ටෙලා රණතුංග මහත්මියගෙන් මේ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පැය 07 ක් ප්‍රශ්න කළේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මීට පෙර කියා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පිරිස් අත්අඩංගුවට ගෙන ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට අඩපණ කිරීමේ උත්සාහයක් දියත් වෙමින් තිබෙන බවයි.
එහි එක් පියවරක් ලෙස තමා අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ ගනිමින් සිටින බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් හෙට පෙරවරු 9.00 ට මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි ඒ මහතාට දන්වා ඇත.