උසාවි නියෝග කඩකරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණය කළ බව සඳහන් කරමින් බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අද (27දා) කුරුඳුවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් නොතීසි ලබාදී තිබේ.
ශාවස්ත්රි මන්දිරයේ (ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී) පැවැත්වෙන බස්නාහිර පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අතරතුර මෙම නොතීසිය භාරදී ඇත.