බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ අද(07දා)සවස පැවැති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවක් අවසානයේදී එම සංවිධානයේ අවසරය මත තරුණයෙකු යම් ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසුව උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිසි පිළිතුරු ලබානොදී එම තරුණයා එම ස්ථානයෙන් නැගිට ගිය අතර, පසුවජාතික සංවිධාන එකමුතුවේ නායකයෝ මාධ්‍යවේදීන්ට දෝෂාරෝපණය කරන්නට වූහ.
පාර්ලිමේන්තු පාරේ පසුගියදා සිදුවූ අනතුර සම්බන්ධව මෙම තරුණයා අදහස් දැක්වූ අතර, ඔහු සඳහන් කරන කාරණා පරස්පර බැවින් මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසා සිටියහ.
අදාළ අනතුරට තමන්ගේ මිතුරෙකුද මුහුණපා ඇතිබවත්, එම අනතුර සිදුවන අවස්ථාවේ පාඨලී රණවක ඇමතිවරයා වාහනය තුළ සිටිබව මිතුරා පැවසූ බවත් මෙම තරුණයා කීය.
එහෙත් ඔහු සඳහන් කරන කාරණා ගැටලු සහගත බැවින් මාධ්‍යවේදීන් විමසා සිටියේ මෙම මාධ්‍ය හමුවට පැමීණීමට කවුරුන් විසින් ආරාධනා කළේද යන්නයි.
අදාළ අනතුර සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් ලබාදෙන්නැයි ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක් කළ බවත් තමා දන්නා අය එහි සිටිනබවත් තරුණයා පැවසීය.
එම තරුණයාගේ ගම,නියෝජනය කරන්නේ කවුරුන්ද,කුමන අරමුණකින් එම ස්ථානයට පැමිණියේද ආදී වශයෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ හෙතෙම එම ස්ථානයෙන් නැගිට ගියේය.