මාධ්‍ය ආයතන තුළ මේ වන විට උත්ගතවී ඇති තරගකාරීත්වය නිසා මාධ්‍ය ආචාරධර්ම කඩ කරමින් ඇතැම් මාධ්‍ය කටයුතු කරන බවත් එයට පිළියමක් ලෙස ප්රවෘත්ති නියාමනයට ස්වාධීන කොමිසමක් ගෙන එන බවත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා පැවසීය.
තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍යවේදී වැඩමුළුවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.
"ස්වාධීන කොමිසමක් කියන්නේ ආණ්ඩුවෙන් පත්කරන කොමිසමක් නොවෙයි. ප්රවෘත්ති නියාමන කොමිසම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකයෙන් පත්කරන කොමිසමක්. නව සංක්‍රාන්ති යුගයක් තිබීම රටේ විශාල විපර්යාසයක් වුණාට පස්සේ ඒකට හරියන්න ඒකට සරිලන විදිහට මාධ්‍ය සංස්කෘතියක් පරිවර්තනය විය යුතුයි යැයි යන මතයේ මේ ආණ්ඩුව ඉන්නවා. ආණ්ඩුව පමණක් නොවෙයි මාධ්‍ය පරිහරණය කරන ග්රාහකයොත් ඒ මතේම දරනවා." යැයි ඔහු පැවැසීය.
සමන් විජය බණ්ඩාර