රභාකරන්ගේ පුතා ළමා සොල්දාදුවෙක් බවට පත්කරලාලු
නිෂ්පාදකයා චිත්‍රපටයට ජනපති මහින්දගේ අනුමැතිය අරගෙනලු
තමිල්නාඩු චිත්‍රපට නිෂ්පාදක ප්‍රවීන් ගාන්ධි විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක ප්රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන්ව තේමා කරගෙන සකස්කළ 'පුලිපාර්වෙයි' චිත්‍රපටයේදී ප්රභාකරන්ගේ පුත්‍රයා ළමා සොල්දාදුවෙකු ලෙස පෙන්නුම් කිරීම නිසා කොටි හිතවාදීහු දැඩි කැළඹීමට පත්ව සිටිති.
ප්රභාකරන්ගේ පුත්‍රයා හමුදාවට හසුවීමෙන් පසුව ඝාතනය වී තිබේ යැයි විශ්වාස කරන කොටි හිතවාදී ඩයස්පෝරාව හා කොටි හිතවාදී මාධ්‍ය එම සිදුවීම කුඩා දරුවෙකු යුද්ධයේදී හමුදාව අතින් ඝාතනය වූයේ යැයි කියමින් ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට සාක්ෂියක් ලෙස පෙන්නුම් කරමින් සිටින අවස්ථාවක තමිල්නාඩු චිත්‍රපටයේ බාලචන්ද්‍රන් ළමා සොල්දාදුවෙකු බවට හුවාදක්වා තිබීම ශ්‍රී ලංකා රජයට හා හමුදාවට වාසි සහගත කරුණක් බවට කියමින් මෙම විරෝධය එල්ලකර තිබේ.
මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ පසු එය ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බවටද චිත්‍රපටයේ අධ්යක්ෂ ප්‍රවීන් ගාන්ධිට දැඩි චෝදනාවක් එල්ල වී තිබේ.