ප්‍රබල සුළි කුණාටුවක් ජපානයේ ටෝකියෝ නගරය වෙත ළඟාවෙමින් පවතින බවත්, මින් දැඩි සුළං සහ වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත් එරට කාලගුණ විද්‍යා අංශ පවසයි.
ෆැන්ෆොන් ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිටත් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු ඔකිනාවා ඇමෙරිකානු කඳවුරේ සේවය කළ එරට සොල්දාදුවෙකු බව කියැවෙයි.
සුළි කුණාටුවත් සමග ඇති වූ මුහුදු රළ ඔහුව සාගරය වෙත ගසාගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, බොහෝ නිවාසවලට විදුලිය නොමැති බවත්, ගුවන් සමාගම් සිය ගුවන් වාර නවතා ඇති බවත් වාර්තා වෙයි.
මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 180 ඉක්මවූ සුළං ඇති කරන අතර, මේ සුළි කුණාටුව හේතුවෙන් පසුගිය සතියේ ගිනිකඳු පිපිරීමෙන් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුමද අඩාල වී ඇති බව කියැවෙයි.
අති ප්‍රබල සුළිකුණාටුවක් ලෙස මුලින් වර්ග කර තිබුණද, එය ප්‍රබල සුළි කුණාටුවක් දක්වා පහළ දැමුවත්, තවමත් එය භයානක තත්ත්වයේ පවතින බව එරට කාලගුණ අංශ පවසයි.