මේ වනවිට ඉදිරි ආණ්ඩුව පත් කර අවසන් බවත්, මෙවර මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් පත් කරගත යුතු බවත් අලුත් පරපුර පවසයි. යහපාලන ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග මහින්ද රාජපක්ෂ විපක්ෂය විසින් කඩාකප්පල් කළ හැකි බැවින්, ප්‍රබල විපක්ෂයක් නිර්මාණය කර ගැනීමට නම් මහින්ද රාජපක්ෂ කල්ලියේ විපක්ෂ බලය අඩු කළ යුතු බවද අලුත් පරපුරේ සාමජික කෞශල්‍යා කුමාරසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.