මහකන්නයේ වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්රධාන වැව් 72 ඇතුළු බොහෝ වැව්වල ජල මට්ටමට 70%දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් බද්රා කමලදාස මහත්මිය 'අද'ට පැවසුවේ, පසුගිය ඔක්තෝබර් මාසය වනවිට මෙම වැව්වල ජලය පිරී තිබුණේ 15%ක මට්ටමට බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලබාදුන් උපදෙස් අනුව ගොවි ජනතාව වැසි ජලය ලැබීමට පෙර වී ගොවිතැන් ආරම්භ කර තිබූ බව පැවසූ ඒ මහත්මිය, සතුටුදායක ලෙස ජල මට්ටම වැඩිවීම තුළින් ඉදිරි වගා කටයුතු සාර්ථකව සිදුකිරීමට හැකිවනු ඇතැයි පවසා සිටියාය.