මෝටර් වාහන පනතට අනුව රථවාහනවල ප්‍රධාන ලාම්පුවට ඉහළින් වෙනත් බල්බ දැල්වීම සපුරා තහනම් බවත්, එවැනි බල්බ දල්වාගෙන යන රථවාහනවලට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ වනවිට ඇතැම් වාහනවල ප්‍රධාන ලාම්පුවලට ඉහළින් රතු, නිල් පාට සහිත බල්බ දල්වාගෙන යන බවට තොරතුරු වාර්තා වන බවත්, මෙම නීතිය ක්‍රියාත්මක නීතියක් බවත්, මේ අනුව එවැනි බල්බ දල්වාගෙන යන ඕනෑම වාහනයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.